බසයට නගින්න ගිය තාත්තටයි දුවටයි සිදුවූ දේ..ප්‍රදේශයම කම්පා කරමින් දුව අවසන් ගමන් යයි...(CCTV VIDEO)
මහනුවර - යාපනය මාර්ගයේ පුදුකුලම් හංදිය අසලදි සිදුවු රිය අනතුරකින් 33 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
අදාළ තරුණිය සිය පියා සමග බස් රථයකට ගොඩවීමට උත්සහ කිරිමේදි බස් රථයකට පසු පසින් පැමිණි ලොරි රථයකට වේගය පාලනය කර ගැනිමට නොහැකිව අදාළ තරුණියගේ හා පියාගේ ගැටි මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවු ස්ථානයේදිම තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇත.
වයස අවුරුදු 60ක් වන මෙම තරුණියගේ පියා බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.
මෙම අනතුර සිදුවන ආකාරය අසල වෙලදසැලක සවිකර තිබු කැමරාවකද සටහන් වි ඇත.
අදාල සිද්ධියෙන් මියගිය තරුණිය කනගරායන්කුලම දකුණ ප්‍රදේශයේ පදිංචි ශිවසුබ්‍රමනියම් සින්දුජා නමැත්තිය කි.
ලොරි රථයේ අපරික්ෂාකාරි ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කනගරායන්කුලම පොලිසිය සිදුකරනු ලබයි.
දර්ශන අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |