රෝගියෙකු ලෙස පවසා හෙදියට අතවර කිරිමට හැදු ගෝනපොල සුදූ!!!
රෝගියෙකු බව පවසා කැස්බෑව වෛද්‍ය මධ්‍යස්ථානයක හෙද සහයිකාවකට අතවර කිරීමට උත්සාහ දරා ඇගේ රන්මාලය කොල්ලකා පලාගිය ගෝනපොල සුදූ නැමැත්තා කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝගියෙකු බව පවසා පැමිණි පුද්ගලයා කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ එහි සිටි හෙද සහයිකාවගෙන් වෛද්‍යවරයෙකු හමුවීම සඳහා අංකයක් ඉල්ලා තිබෙනවා. අනතුරුව ඔහු අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහළ මහලට ගොස් එහි සේවයේ නියුතු වයෝවෘද්ධ පුද්ගලයෙකු බැඳදමා ආයතනයේ යතුරු කැරැල්ල තම භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
පහළ තට්ටුවේ සේවය කරමින් සිටි සේවිකාව සූක්‍ෂම ලෙස ඉහළ මහලට ගෙන්වා ගන්නා ඔහු තියුණු ආයුධයක් පෙන්වා බය කර ඇගේ පෙන්ඩනය සහිත මාලය කොල්ල කා තිබෙනවා. කොල්ලකෑමෙන් අනතුරුව වෛද්‍ය මධ්‍යස්ථානය අසලින් ත්‍රීරෝද රථයක නැගී උකස් මධ්‍යස්ථානයක් වෙත යන ඔහු ඒවා උකස්කර රුපියල් 60,000 මුදලක් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඒ පිළිබඳ ලැබුණු තොරතුරු මත කැස්බෑව පොලිසිය ආරම්භ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඊට සම්බන්ධ ගෝනපොළ සුදූ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |