දුම්රිය මගියා වෙත තවත් බර පටවන්න එපා... දුම්රිය ස්ථානාධිපති සංගමයේ විරෝධදය....
Gagana news
Train fares
Sri Lanka Station Masters Association
Kasun chamara
By Subodha
දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්වයකට පත් කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ පරිපාලන දුර්වලතාවයන් බවත් අසාමාන්‍ය ලෙස අතිකාල ගෙවීම් මෙන්ම නීතිවිරෝධී ලෙස අතිකාල ගෙවීම් වැනි දුෂණ දෙපාර්තමේන්තුව තුළ ඇති බවත් ජයසේකර මහතා සඳහන් කරයි.
දුම්රිය සතු ඉඩම් බදුදීමේදී නිසි ආකාරයට බදු ලබානොදීම හා එම මුදල් අය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම ආදි හේතුන් මත දුම්රිය දෙපාර්තම්නේතුව වෙත උපයා ගත හැකි අදායම් මාර්ගයන් පිළිබඳව අවධානය යොමු නොකර මෙසේ දුම්රිය මගියා වෙත තවත් බර පැටවීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම එම සංගමය අනුමත නොකරන බව ද කසුන් චාරම මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |