ජනගග මැද්දේ අද තද වැසි...

Weather Department of Meteorology Gagana news
By Subodha Apr 04, 2022 04:03 AM GMT
Subodha

Subodha

Report

 රටේ සියළු ප්‍රදේශ වලින් මේ දිනවල විවිධ අවස්ථාවන් වල ජනතාව පාරට බසින්නේ තමන්ගේ අප්‍රසාදය මෙම වත්මන් ආණ්ඩුව කොරෙහි දැක්විමටය.

ඒම අවස්ථාවේදි අද(04) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී තාවකාලික තද සුළි සහ අකුණු මගින් වන අනතුරු අවම කරගැනිමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now