මෙරට අපනයනකරුවන්ට ලැබෙන අලුත්ම වාසිය...!
Dr. Bandula Gunawardena
Gagana news
Minister of Trade
Sri lankan sinhala news
exporters in sri lanka
By Subodha
ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ(07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
අපනයන සංවර්ධන අරමුදල මගින් මෙම අමතර මුදල ගෙවනු ලබන අතර, එය මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූරණය කිරීමට යෝජිතය.
අපනයනකරුවන් දිරිගැන්වීම සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |