පැතුම් වෙනුවට කුසල් පිටියට...ඔහු පළමු වරට ඉන්දියාව තුල ක්‍රීඩා කරන ටෙස්ට් තරඟාවලියද මෙයයි..

Test match Kusal mendis Pathum nissanka Gagana sports news
By Subodha Mar 11, 2022 09:54 AM GMT
Subodha

Subodha

Report

පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ද බැංග්ලෝර් හිදී පැවති පුහුණු සැසියෙදී ආබාධයකට ලක්ව තිබෙනවා.

අභ්‍යන්තර් ක්‍රිකට් ආරංචි මාර්ග අනුව පුහුණු සැසියෙන් පසුව ඇතිවූ කොන්දේ ආබාධය නිසාවෙන් නිස්සංක හට දෙවන ටෙස්ට් තරඟය මගහැරෙන නිසාවෙනි.

ඒ හේතුවෙන් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් නොම්බර තුනෙහි ක්‍රීඩා කිරීමට නියමිතය.

කුසල් මෙන්ඩිස් අනිද්දා ක්‍රීඩා කරන්නේ නම් ඒ ඔහු පළමු වරට ඉන්දියාව තුල ක්‍රීඩා කරන ටෙස්ට් තරඟාවලියද මෙයය.

ඔහු 2015 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් මුත් ඉන්දියාව තුලදී තවමත් එකදු ජාත්‍යන්තර තරඟයක් හෝ ක්‍රීඩා කර නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha