මිනිත්තු 10ක් තුළ ලෙබනනයට වූ විනාසයෙන් තුවාල වූ පිරිස අතර ශ්‍රී ලාංකික කතකුත් - බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි
By Kaushi
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
ඒ අනුව බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
එමෙන්ම ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට 254ක් ජීවිතක්ෂයට පත්ව තවත් 1,165කුට තුවාල සිදු වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.