ඥානසාර හිමිගේ නඩු තීන්දුවේ දෝෂය ගැන මෛත්‍රීගෙන් පැහැදිලි කිරීමක්

Report

 පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන 'තාක්ෂණික දෝෂය' කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත .

එතුමා සදහන් කළේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් නගන ගැටලු සඳහා පිළිතුරු ලෙස මෙම නිවේදනය නිකුත් කරන බවයි.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී තිබෙන වගයි .

ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ සදහන් කර ඇත.

ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවත තිබේ .

මෙම නඩු දෙක යටතේ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතුව ඇත.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බවයි ඒ අනුව, අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව ඔහු සදහන් කර තිබේ.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්‍යා එන්නැලිගොඩ මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී තිබේ.

තම මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් ඥාණසාර හිමීන්ට යළි සිරගත වීමට සිදුවී ඇති බව  හිටපු ජනාධිපතිවරයා, එවකට තම නිලධාරීන් අතින් සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කර ඇත.

ඒ වගේම අන්තර්ජාලයෙන් ලබාගත් අදාළ අධිකරණ තීන්දුවේ පිටපතක් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම කරුණු අනාවරණය කරගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් දන්වා සිටිනු ලබයි .

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

 එම ලිපිය පහතින්

Gallery