දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කර තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ. අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් 2026 අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත, ඔක්තෝබර් 08 වැනිදා පැවැති දෙවැනිවර කියවීමේ විවාදයේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී හඳුනාගත් නීතිමය, පරිපාලනමය හා තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමත්, අල්ලස් කොමිසමේ පාලන කටයුතු සහ මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම වඩාත් විධිමත් කිරීමත් මෙම සංශෝධන මගින් සිදුවේ.
එමගින් මෙරට දූෂණ විරෝධී නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.