සටන් විරාමය ප්රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ලෙබනනය සොහොන් පිටියක් වෙයි - 254ක් මරුට
By Kaushi
ඊශ්රායලය ඊයේ (08) දිනය පුරා ලෙබනනයට එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්රහාරවලින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ඒ අනුව මෙම ප්රහාර එල්ල කර ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර බව සඳහන්.
ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්රකාශ කරයි
එසේම අඳාළ ප්රහාරවලින් ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇත.
එය ඉකුත් මාර්තු 02 වැනිදා ලෙබනනය තුළ නව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව ඊශ්රායලය එල්ල කළ විශාලතම සහ දරුණුතම ප්රහාරය වශයෙන් සැලකේ.