කවුරුත් දන්න ශලනිගෙ නොදන්න දේ..ඇගේ ලාබාල පෙම්වතා ගැන ඉඟියක්!! (Photos)

Sri lanka gossip Gagana gossip Best Actress Award Sri lanka actress Miss Shalani tharaka
By Subodha Feb 15, 2022 06:21 AM GMT
Subodha

Subodha

Report
115 Shares

සුවහසක් ලාංකික තරුණ තරුණියන්ගේ සිත් වශිකෘත කරනු ලබන ලාංකිය කලා ක්ෂ්ත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි තාරුකා ගැනයි .

දිනෙන් දින පුවත් මවන ඇය, ඉතා සුරූපි රංගන ශිල්පිනියකි. ශලනි තාරකා කියන්නේ ලංකාව තුළ වැඩිම කතාබහකට ලක් වන සුන්දර රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.

ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජයබණ්ඩාර නැතිනම් ශලනි තාරකා ලෙස සුප්‍රසිද්ධියට පත් ඇය, 1990 නොවැම්බර් 15 වැනිදා බලංගොඩදී උපත ලැබුවේය.

ඇයගේ පියා සුසන්ත විජයබණ්ඩාර වන අතර මව සුරාජි ප්‍රනාන්දු ය. ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියකි.

ඇය මූලික අධ්‍යාපනය බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයෙන් ලැබු අතර ද්විතීයික අධ්‍යාපනය නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයෙන් ලබා ඇත.

ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය හෙවත් ඇයගේ ජනප්‍රිය ජීවිතයේ ආරම්භය වූයේ, ‘සිරස කුමාරිය’ කිරුලයි.

2012 දී "සෙල්වම්" චිත්‍රපටයෙන් සිය මංගල සිනමාවට ප්‍රවිශ්ඨ වු ඇය එහි "මේධාවී" ගේ චරිතය රඟපෑවාය.

පසුව ඇය ස්පන්දන ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ද පෙනී සිටියාය.

ස්වාධීන රූපවාහිනියේ විකාශය කළ "ගිරිදේවි" ටෙලි නාට්‍යයේ "ආශා"ගේ චරිතය ඔස්සේ ඇයට සුවහසක් ලාංකික ප්‍රතිචාර බොහොමයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

එකල බොහෝ දෙනෙක් ඇයව හැඳින්වූයේ "ගිරි දේවි" නැතිනම් "ආශා" නමින්.

මේ දිනවල ඇය ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිරස ටිවි මගින් විකාශයට පත්වන "කියා දෙන්න ආදරේ තරම්" ටෙලි කතා මාලාවේ "ස්නේහ" ගේ චරිතය හරහාය.

ශලනි කියන්නේ ඇයට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව රඟපාන අපූරු රංගන ශිල්පිනියක්.

ඇයගේ රඟපෑමේ ඇති තාත්වික බව නිසාම තමයි ඇයට මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ.

ඒ නිසාම 2020 සැප්තැම්බර් 19 වන දින, 16 වන "රයිගම් ටෙලි සම්මාන" උළෙලේදී ඇය රංගන ශිල්පිනියක් ඉතාමත්ම කලාතුරකින් දිනා ගනු ලබන හොඳම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රිය නිළියට හිමි සම්මානය යන සම්මානයන ද්විත්වයම ඇය දිනාගනු ලැබුවේ ඇයගේ අපූරු දක්ෂතා හේතුවෙන්මයි.

වසර 24කට පසු එක් නිළියක් එකවර සම්මාන දෙකම දිනාගත් පළමු අවස්ථාව එය විය.

දක්ෂතා වගේම රූප සුන්දරත්වයෙනුත් ඇය අගතැන්පත් නිසා ලංකාවේ ඉන්න සුන්දරම නිළියක් විදිහට ශලනිව අපිට හඳුන්වන්න පුළුවන්.

මේ දිනවල සමාජ මාධ්‍ය තුල නිතර ඇය ගැන කතා බහට ලක් වන්නේ ඇයගේ හා ඇයට වඩා බොහෝ සෙයින් ලා බාල තරුණයෙක් වන සචින් ලියනගේ සමග ආදරයක පැටලි ඇති බවයි.

නමුත් එය එසේ නොවන බවද, ඔවුන් දෙදෙනා සහෝදරයන් ලෙස සුහදව සිටින බවද, කලා කටයුතු තුල ඔවුන් දෙදෙනා නිතර හමුවන බැවින් විවිධ කට කතා පැතිරෙන බව ඇගේ අදහසයි.

කෙසේ වෙතත් ශලනි සහ සචින් ආදරවන්තයන්ගේ දිනය සදහා "Dance Cover" ඒකක්ද කර තිබුණු අතර එයද බොහෝ ප්‍රේක්ෂකයින් විසින් වැලදගෙන තිබුණි.

තමාටම ආවේනික දක්ෂතාවයකින් හා රූප සම්පත්තියකින් අග තැම්පත් නිසා ඇයට ලංකාවේ තරුණයන් පමණක් නොව තරුණියන්ද දැඩිසේ ආදරය කරනවා.  

ශලනි සහ සචින් එක්ව කළ නවතම වැඩේ.. ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha