රටක් ආදරය කරන දිමංකගේ ........... කවුරුත් නොදන්න පෙම්වතී ප්‍රසිද්ධයේ හෙලි කරයි ............. (photos)
ලාංකික තරුණ තරුණියන් පමණක් නොව වයස් භේදයකින් තොරව රටක් ආදරේ කරන අපුරු චරිතයක් ගැනයි අද අපි කතා කිරිමට සුදානම් වන්නේ .
නමින් ඔහු දිමන්ක වෙල්ලාලගේ ය .
දිමංක වෙල්ලාලගේ නම ඇසු පමණින් නොදන්න කෙනෙක් නොමැති විමට තරම් ඔහු තම නම හා බැදි ජනප්‍රියත්වය නොවෙනස්ව පවත්වා ගැනිම පුදුමයක් හෝ රහසක් නොවේ.
ඔහු ගේ කට හඩට ආදරය නොකරන කෙනෙකු නැති තරම්ය.
ඒ වගේම ඔහු තමන්ගේ කඩවසම් රූපයෙන්ද ලාංකික තරුණියන් අතර බොහෝ සේ ජනප්‍රිය චරිතයක් .
මෑත කාලයේදි බිහිවු ගායකයන් අතරින් ඉතාමත් අලංකාර හඩක් හිමි ඔහු ගේ ගීත ජනප්‍රිය වන්නේ ප්‍රේක්ෂකයන් අතරට යන එක් නිමේෂයකිනි.
ප්‍රසිද්ධ එලි මහන් සංගිත ප්‍රසංගයක නැතිවම බැරි ගායකයෙක් බවට අද වන විට ඔහු පත්වි ඇත.
මෙහු ගේ ප්‍රථම නිර්මාණය වන නිදුකින් ඉනු මැන ගීතය සමග පැමිණෙන ඔහු එදා මෙන්ම අදත් එම ජනප්‍රියත්වය නොවෙනස්ව පවත්වා ගනී.
බොහෝ කාලයක් තිස්සේ ඔහු කියඹු ලතාවේ, සුදු නංගි අහිංසකාවි හා නලෝලා යන නිර්මාණය විස්සකට වඩා වැඩි ගණනාවකට තම කට හඩින් දස්කම් දක්වා ඇත.
කෙසේ වෙතත් මේ දින නම් දිමංකට ආදරය කරන තරුණියන්ට වැඩිය හොද දවස් නොවේ .
මන්ද ඔහු තම බිරිද ගැන හෙලි කිරිමත් සමගය .
ඇය නමින් චින්ති ය. ඔවුන් දෙන්නගේ ආදරේ දෙසැම්බර් 26 වන දිනක ආරම්භ වු බවද, ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන ද, අද වන විට විවාහ වි සතුටින් ගෙවන ජිවිතය ගැනද , ඔහු ඉතා ආදරණාව හා සංවේදි වෙමින් ප්‍රකාශ කර සිටියා. මේ වන විට දිමංක කුඩා දියණියකගේ පියෙකි .
ඇය නමින් අනාලියා වෙල්ලාලගේ ය.
කාලයක් තිස්සේ පෙම්වතුන් යුවළක් වශයෙන් සිටි ඔවුන් අද වන විට ආදරණීය දියණියක ගේ මවුපියන් දෙපලක් වශයෙන් ඉතාමත් ආදරණීය ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනු ලබන අතර, තමන්ගේ ජීවිතේ සුන්දර අවස්ථාවක් නිරන්තරයෙන් ඡායාරූප සහ වීඩියෝ ගත කරමින් සමාජ මාධ්‍යට මුදා හරිමින් ඔවුන්ට ආදරය කරන රසික පිරිස් වලට දැනගැනීම සඳහා සලස්වනු ලබනවා.
ඔවුන්ගේ ජීවන ගමන ආදරණිය ලෙස හා සතුටුදායක ගෙස ජිවත් විමට අපිද සුභ පතන්නෙමු .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
|