හර්ෂණ සූරියප්පෙරුමගෙන් ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ද ධනාත්මක පණිවිඩයක්

Report

ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුවෙමින් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ අධ්‍යයන ආයතනය සංවිධානය කළ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ 22වන ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවර සමුළුවේ තේමාව වන්නේ “ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයකට වේගයෙන් පිවිසීම” යන්නයි.

2025දී මගීන් මිලියන 9.9 ඉක්මවයි – ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සේවා නව උසකට

2025දී මගීන් මිලියන 9.9 ඉක්මවයි – ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සේවා නව උසකට

සමුළුව අවස්ථාවේදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේ පැවසීය:

“2019 අපි පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා.ඉන් පසුව කෝවිඩ් අර්බුදයටත් ආර්ථික අර්බුදයටත් මෑතකදී දිට්වා සුළිකුණාටුවටත් රටක් විදියට අපට මුහුණ දෙන්න සිදු වුණා.

නමුත්ඒ අවස්ථාවේ අපි ඔප්පු කළා ලෝකයට අප ඕනෑම දේකට හොදින් ඔරොත්තුදීමේ ශක්තියක් ඇති රාජ්‍යයක් බවට 2022 වසරේදී ආර්ථික අර්බුදයත් සමග අපව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ නම් කළා.

නමුත් දැන් බලන්න අප සිටින තැන. දිට්වා සුළිකුණාටුවත් සමග ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සදහා බිලියන 500 ක මුදලක් විපතට පත්වූවන් වෙනුවෙන් වැය කිරීඹට අවශ්‍ය වුණා.

ඒ අය වැයෙන් පිටත එක් වුණු අමතර වියදම් කොටසක් ලෙසයි. නමුත් අපට වහාම ක්‍රියාත්මක වන පරිදි එම මුදල් වෙන් කිරීමට ඒ අවස්ථාවේ හැකියාව ලැබුණා. ඊට හේතු වූයේ රටක් ලෙස අප තුළ තිබූ මුල්‍ය විනයයි.

අප දැන් සියල්ල හොදින් කළමනාකරණය කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරියටත් අප ලෝකය ඉදිරියේ ශක්තිමත්ව නැතී සිටිය යුතුයි. එය අපට තනිවම කළ නොහැකියි.

එය ව්‍යාපාර පුරවැසි කර්මාන්ත දේශපාලනික ඇතුළු සෑම ක්ෂේත්‍රයකම මනා සම්බන්ධතාවකින් සිදු කළ යුත්තක්. ඒ නිසා අපිට ඔබේ ශක්තියත් ඉතාම වටිනවා. අපි එක්ව ඉදිරියට යමු."

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්