හැමෝම පුදුම කළ මෙරට වෛද්‍යවරයාගේ විශ්මකර්ම ශල්‍යකර්මය මෙන්න

Report

තමන්ගේ උදරයේ ඇති අනවශ්‍ය තෙල් ඉවත් කර ඉන් කොටසක් තම මුහුණ ලස්සන කිරීම සදහා මුහුණට බද්ද කිරීමේ ශල්‍යකර්මයක් ලොව පළමු වරට සිදුකර ගැනීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතාට හැකියාව ලැබී තිබේ.   

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ ශල්‍යකර්මය 100% ම සාර්ථක වූ බවයි. තවත් වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ අධීක්ෂණය යටතේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පෞද්ගලික රෝහලකදී මෙම ශල්‍යකර්මය සිදුකර ගෙන ඇත

පැය තුනක පමණ කාලයකදී තෙල් ලීටර් දෙකක් පමණ ඉවත් කිරීමට වෛද්‍යවරයා ක්‍රියා කටයුතු කර තිබේ

මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීමට ඉහළ මුදලක් වැය වෙනු ඇත විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ වයස අවුරුදු 61ක කාන්තාවකගේ උදරයෙන් තෙල් ලීටර් 13ක් ඉවත්කර තමන් ලෝක වාර්තාවක්ද පසුගියදා පිහිටවූ බවයි