ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

cricket Pakistan captain dasun chanaka kusal perera
By Sewvandhi Jul 07, 2021 05:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු 20 යි 20 ලෝක කුසලානය දක්වා එක්දින සහ පන්දුවාර 20 යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ඉන්දීය කණ්ඩායම සමග තරගාවලියට එක්වනු ඇති. දසුන් ශානක මීට පෙර 2019 වසරේදී පකිස්ථාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවනු ලැබුවා.

එම තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ 3ට බින්දුවක් ලෙසටයි. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දසුන් ශානක දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha