පාලකයින් හා ක්‍රීඩකයින් අතර උණුසුම් තත්ත්වයක්

England cricket team Shammi Silva Jayantha darmadasa year contract
By Sewvandhi Jun 07, 2021 09:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් තැබීම අද (07) දිනයට යොදාගෙන තිබූ අතර එය සිදුකිරීමට සැලසුම්කර තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි කොළඹ තරුපන්තියේ හෝටලයේදීයි. මෙවර ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමට පෙර ඔවුන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයකට අනුව ශ්‍රේණි ගත කිරීමක් සිදුකළා.

මෙම ශ්‍රේණි ගත කිරීමට පාදක කරගත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ විනිවිධ භාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රශ්න කළ අතර ඔවුන් කියා සිටියේ එම ක්‍රමවේදය හෙළිකරනා ලෙසයි. කෙසේ වෙතත් ප්‍රශ්නකාරී වාතාවරණයක් යත්තේ අද ක්‍රීඩක කොන්ත්‍රාත් සඳහා අත්සන් ලබාගැනීමට තීරණය කෙරුණා.

මෙහිදී ක්‍රීඩකයි කිහිපදෙනෙකු විරෝධය දක්වා ඇති අතර එවිට එහි සිටි ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මැදිහත්වී තිබෙනවා.

එහිදී යම් උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් නොතබා ලැගුම්ගෙන සිටින හෝටලයෙන් බැහැරව යාමට සූදානම් වී තිබෙනවා. කෙසේ වෙතත් පසුව නැවතත් ක්‍රීඩකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පලනාධිකාරිය තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එන්දින තරඟ 03කින් සහ පන්දුවාර 20තරඟ දෙකකින් සමන්විත තරඟාවලියක් සඳහා හෙට අලුයම ශ්‍රී ලංකාවෙන් එංගලන්තය බලා යෑමට නියමිතව තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha