කියපු විදිහට වැඩ කළේ නැතුවට දුම්රිය දෙපාර්තමේන්තුවට චෝදනා
ජාතික විගණන කාර්යාලයෙන් දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අද වන විට ඵලදායී ආකාරයට ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණයට තිබූ ව්‍යාපෘතිය 2020 නොවැම්බර් මාසයේ දී අවසන් කළ ද එම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්වී නොමැති බවයි.
ජාතික විගණන කාර්යාලය මේ බව දැනුම් දුන්නේ දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණයට තිබූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනය ප්‍රකාශයට පත්කරමින්.
අඳාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණේ දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් බව සඳහන්.
එහෙත් එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ සියලු නිලධාරීන් පෞද්ගලිකව සහ සාමූහික ලෙස පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට පියවර නොගැනීම, සමස්ත පද්ධතියේ කටයුතු පිළිබඳව අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යනාදී ප්‍රධාන දුර්වලතාවයන් නිසා මේ වන විට ව්‍යාපෘතිය කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයට ක්‍රියාත්මක නොවන බවට හෙළිව තිබෙනවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
එසේම මෙහිදී ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ මෙම සන්නිවේදන පද්ධතියේ උපාංග රාජකාරී කටයුතුවලට භාවිතා කිරීම අනිවාර්ය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
එහෙත් ඒ අනුව ඇතැම් නිලධාරීන් කටයුතු කර නොමැති බව ද පවසයි.
මෙසේ අඳාළ චක්‍රලේඛයට පටහැනිව ක්‍රියා කර ඇති නිලධාරීන් රාජකාරී කටයුතු පැහැර හැරීම පිළිබඳව විනයානුකූල පියවර ගැනීම සිදුකළ යුතු බව තම වාර්තාව මඟින් ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
තවද ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් දන්වා ඇත්තේ මෙම පද්ධතිය සාර්ථකව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දීපව්‍යාප්තව පුළුල් සංඥා ආවරණයක් ස්ථිපිත කිරීම වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි.
