ලක් මවට ආඩම්බරයක් එක් කරමින් මහාචාර්යවරයකුට නයිට් පදවියක්
මහා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය සඳහා 2026 වසර වෙනුවෙන් වන නව අවුරුදු ගෞරව ප්‍රදානයේදී එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිශාන් කනගරාජාට නයිට් පදවියක් පිරිනමා ඇත.
ඊට අමතරව, තවත් මහාචාර්යවරියන් තිදෙනෙකුට ඩේම් ගෞරව නාම පිරිනමා ඇති බවටයි එම විශ්ව විද්‍යාලය නිවේදනය කර ඇත්තේ.
නයිට් පදවිය ලැබූ මහාචාර්ය නිශාන් කනගරාජා මෙරට උපත ලබා අධ්‍යාපනය ලබා, අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අයෙක් බව වාර්තා වේ.
2019 වසරේ සිට ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති වශයෙන් කටයුතු කරන ඔහු, එහි Institute for Inclusivity in Higher Education පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කර තිබෙනවා.
එසේම ඔහු සංඥා සැකසුම් පිළිබඳ පර්යේෂකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධ වේ.
කෙසේ වෙතත් මෙවර ගෞරව ලැයිස්තුවට සමස්තයක් වශයෙන් උපකුලපතිවරුන් සිව්දෙනෙකු (4) ඇතුළත් වී ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් මහතා සඳහන් කළේ, මෙම සම්මානලාභීන් තම පෞද්ගලික ලාභයට වඩා පොදු යහපත සඳහා කටයුතු කරමින් බ්‍රිතාන්‍ය සමාජය ශක්තිමත් කිරීමට සහ ජීවිත වෙනස් කිරීමට දායක වූ විශිෂ්ට පුද්ගලයන් බවයි.