ශ්‍රී ලංකා කොදෙව් පළමු තරගය ඇරඹේ..අද තරඟයේ විශේෂත්වය මෙන්න.(LIVE)

Sri Lanka Galle Icc Western Indian Test cricket match
By Aruna Nov 21, 2021 05:41 AM GMT
Aruna

Aruna

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ජෙරමි සොලසානෝ අද (21) ටෙස්ට් වරම් ලැබූ අතර, ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ චරිත් අසලංක මෙම තරගයට ඇතුළත් වන්නේ නැහැ.

ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් ඇතුළු පළපුරුදු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්.

මේ අනුව පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 12ක් තුල ලකුණු 32කක් ලබා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha