යළි කැළඹුණු කාලගුණයේ නවතම තත්වය.

Department of Meteorology Weather
By Wayomi Jul 08, 2024 03:00 AM GMT
Wayomi

Wayomi

Report

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අද සහ හෙට දිවයින පුරා රාජ්‍ය ආයතන රැසක් වැසෙයි.- එම ආයතන මෙන්න. - වැඩ වලට ගිහින් රස්තියාදු වෙන්න වෙයි.

අද සහ හෙට දිවයින පුරා රාජ්‍ය ආයතන රැසක් වැසෙයි.- එම ආයතන මෙන්න. - වැඩ වලට ගිහින් රස්තියාදු වෙන්න වෙයි.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

උසස් පෙළ සහ 01 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට ශිෂ්‍යත්ව දෙන දිනය ගැන දැනුම්දීමක්. - වැඩිවිස්තර පහතින්.

උසස් පෙළ සහ 01 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට ශිෂ්‍යත්ව දෙන දිනය ගැන දැනුම්දීමක්. - වැඩිවිස්තර පහතින්.