ඉදිරි පැය 24 රේ පලාත් 04ක් ගැන විශේෂ දැනුම් දීමක්.
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර දිවයිනට දකුණු සහ ගිනිකොන දිශාවෙන් පවතින මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩිවිය හැකිය.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |