ඉදිරි පැය 24 ලංකාවට තීරණාත්මකයි..දැඩි අවධානයෙන් සිටින්න..

Matara Sri Lanka Western Province Sabaragamuwa Province TN Weather
By Aruna Jul 03, 2022 11:03 PM GMT
Aruna

Aruna

Report

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඉදිරි පැය 24රේත් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දෙනවා.

මේ අතර මධ්‍යම කදුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හරතක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් මහවැලි ගඟේ පහල කොටස් භාවිතා කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙන්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රධාන මාර්ග කිහිපයක ඝන මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now