ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක්

By Sewvandhi Oct 20, 2021 05:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු  70 ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගත්තා.  මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කර ගනු ලැබුව.

පිළිතුරු ඉනිම පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම කඩුලු සියල්ල දැවී ලකුණු 101  පමණක් රැස් කිරීමට හැකි විය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරා. තරගය ක්‍රියාත්මක කළ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවෙන්ම කුසල් ජනිත් පෙරේරා දැවී යද්දී ජ්‍යේෂ්ඨත්වයේ වගකිම යළි අමතක කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 6කට දැවීගියා.

අවිශ්ක ප්‍රනාන්දු ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇද වැටෙමින්. ඒවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 8ක් ලෙස සනිටුහන් වෙද්දී පිටියේ එක්වූ වනිදු හසරංගට සහ පැතුම් නිස්සංකට සිදුවුණේ යළි ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ වගකීම ඉටු කරන්නටයි. එම වගකීම අකුරටම ඉටුකළ ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 123ක දැවැන්ත සබඳතාවක් එක්කළා. 

ඉනිමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ වනිදු හසරංග ලකුණු 71 ක් රැස් කර ගනු ලැබුවා.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග හා පැතුම් නිශ්ශංක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවා. එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 61ක් ලබාගත් අතර නායක දසුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 21ක් පමණයි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha