අද තරඟයේ තරගයේ කාසිය වාසිය දිනුවේ කවුද ?

By Sewvandhi Jul 20, 2021 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව මෙම තරගයේදී එක් වෙනස්කමක් සිදුකරමින් පළමු තරගයට ක්‍රීඩා කළ ඉසුරු උදාන වෙනුවට වේග පන්දු යවන කසුන් රජිතව කැඳවමින් ශ්‍රී ලංකාව අවතීර්ණ වද්දී ඉන්දියාව ජයග්‍රාහී සංයුතියේ කිසිදු වෙනසක් නොකොට අවතීර්ණව සිටියි.

28 හැවිරිදි කසුන් රාජිත අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී වේ. එක්දින තරග 9 කට ක්‍රීඩා කර ඇති කසුන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 9 ක් වේ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, තණතීරුව නිරීක්ෂණය කිරීමේදී මෙය පිතිකරුවන්ට වැඩි සහගතභාවයක් දක්වන බැවින් එම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක, 3. භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. කසුන් රජිත, 9. ලක්ෂාන් සඳකැන්, 10. දුෂ්මන්ත චමීර, 11. චාමික කරුණාරත්න

ඉන්දියානු පිල – 1. ශිකර් ධවාන් (නායක), 2. ප්‍රිතිව් ෂා, 3. සූර්යකුමාර් යාදව්, 4. මනීෂ් පාණ්ඩේ, 5. ඉෂාන් කිෂාන්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. කෘනාල් පාණ්ඩ්‍යා, 8. භුවනේෂ්වර් කුමාර්, 9. දීපක් චහර්, 10. කුල්දීප් යාදව්, 11. යුස්වේන්ද්‍ර චෙහල්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha