කොටදෙනියාව "අල්කයිඩා" කල්ලියට විරුද්ධව ජනතාව පාරට බසි...(VIDEO)

Police Protest Kotadeniyawa Gagana news Al qaeda kotadeniyawa
By Subodha Feb 20, 2022 09:49 AM GMT
Subodha

Subodha

Report

ගම්පහ කොටදෙනියාව - වත්තේමුල්ල ප්‍රදේශයේ ජනතාව අද (20) විරෝදතාවයක් පැවැත් වුනා.

ඒ දිවුලපිටිය-මීරිගම මාර්ගය වත්තේමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරම්න්.

ඒ් කොටදෙනියාව ගම්මානය භිතියට පත්කල "අල්කයිඩා" නමින් ආයුධ සන්නද්ධ පිරිසකගේ විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් විරෝධය පල කරමින්.

විරෝධතාවය හේතුවෙන් දිවුලපිටිය-මීරිගම මාර්ගයේ ගමනා ගමනය පැයකය ආසන්න කාලයක් බාධා ඇති වුනා.

අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණ විරෝධකරුවන්ට , සැකකරුවන් කඩිනමින් අල්ලාගැනිමට කටයුතු කරන බව පැවසුවත් සමග විරෝධතාකරුවන් එම සථානයෙන් විසිර ගියා .

දින කිහිපයකට ඉහතදි මෙම කල්ලිය විසින් කුඩා දරුවන් දෙදෙනෙකු ගාතනය කිරිමට තැත් කිරිම හා මහලු යුවලක් කපා කොටා තුවාල කර තිබෙනවා .

ඊයේ දින‌යේදි මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ කුඩා දරුවන් දෙදෙනෙකු ගාතනය කිරිමට තැත් කිරිම හා මහලු යුවලක් කපා කොටා තුවාල කිරිම සමිබන්ධයෙන්.

දර්ශන අයිතිය - හිරු මාධ්‍යජාල



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now