රට පුරා හර්තාල්.. ?
අද (20) සිට රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සහ බහුජන සේවා එකමුතුව පවසයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසුවේ, වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වන බවය.
"මේ අර්බුදයට වාර්තමාන පාලක පක්ෂය ඉතා සෘජුව වගකියන්නට ඕනේ. මේක ස්වභාවික අනතුරක් නෙමෙයි, ස්වභාවික ව්‍යවසනයක් නෙමෙයි. ඒ නිසා මේ පණිවුඩයට අවනත වෙලා මේ රටේ නව පාලනයක් ඇති කිරීම සඳහා රජයේ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා අපි මේ පණිවුඩය තවදුරටත් ඉස්සරහාට ගෙනියලා මේ රටේ තරුණ ප්‍රජාව මේ නැගිටලා කරන අරගලය ජයග්‍රහණයෙන් නිම වෙන්නට ඕනේ කියන දේ විශ්වාස කරලා වෘත්තීය සමිති ව්‍යාපාරයත්, බහුජන සමිති ව්‍යාපාරයත් ඒකාබද්ධව කළු දිනයක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා.
මේ ජාතික විරෝධතා දිනය තුළ අපි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක තුළ ප්‍රධාන උද්ඝෝෂණ ව්‍යාපාරයක්, ඒ වගේම සමහර සේවාත් වර්ජනය කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේක 28 වනදා දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා වර්ධනය කරන්න. ඒ කාලය ඇතුළත තුළ දිවයින් පුරා බලපෑම් කිරීමේ ක්‍රියාමර්ගවලට එළඹීමට."