අරගලකරුවන් අද කරන්න යන දේ..අරලියගහ මැඳුරේ උණුසුම් තත්ත්වයක්..පොලිසියත් කැඳවයි..

Sri Lanka Police Sri Lanka Temple Trees
By Aruna Jul 12, 2022 04:18 AM GMT
Aruna

Aruna

Report

ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් සහ පක්ෂ නායකයින් අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා සහභාගි වීමට විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් 25 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙහි දී ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කළයුතු ආකාරය පිළිබඳ විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරෙනු ඇත.

මේ අතර, සමස්ත ජනතාවගේ අරගලය පාවාදීමට කිසිදු කණ්ඩායමකට ඉඩ නො තබන බව ගාලුමුවදොර ජනතා ව්‍යාපාරය පවසනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ, ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ගාලුමුවදොර විරෝධතාව අද 95 වන දිනටත් ක්‍රියාත්මක යි.

එසේම, අරගලකරුවන් ග්‍රහණයට ගත් කොළඹ - කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය නැරඹීම සදහා ඊයේත් බොහෝ පිරිසක් පැමිණ තිබුණා.

මේ අතර අරගලකරුවන් දෙපිරිසක් ගුටි ඇනගෙන කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 10 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමකදී, මේ බව තහවුරු කරනු ලැබූවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ, එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් මේ වන විටත් පිටත්ව ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now