දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන යයි. (VIDEO)
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණියා.
ඊයේ (09) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති තරඟයෙන් නවසීලන්තය කඩුළු 5කින් ජය ගැනීමට සමත් වුණා.
ඒ සමඟින් 2025 වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වී ගියා.
නවසීලන්තය සමඟ පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් තුල සියල්ලන් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.
නවසීලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කරනු ලැබුවේ පන්දුවාර 23යි පන්දු 2කදී කඩුළු 5ක් පමණක් දැවී තිබියදීයි.
එම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට සමස්ත ලකුණු සටහනේ හිමි වුයේ 9වන ස්ථානයයි.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාව තරඟ 9කට ක්‍රීඩා කර ජයග්‍රහණය කර ඇත්තේ තරඟ දෙකක් පමණයි.
