ජනතාවට අනතුරු ඇඟවීමක් - රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා - මෙහෙම කරොත් දැඬි දඬුවම්
රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින්, සියලුම මූල්‍ය ගනුදෙනු ස්වයංක්‍රීයව නිරීක්ෂණය වන බවත්, එබැවින් බදු පැහැර හැරීමට උත්සාහ නොකරන ලෙසත් මෙරට ප්‍රවීණ බදු විශේෂඥයෙකු ව්‍යවසායකයින්ට අනතුරු අඟවා ඇත.
BDO Sri Lanka ආයතනයේ හිටපු කළමනාකාර හවුල්කරු සුජීව රාජපක්ෂ , පසුගියදා කුරුණෑගල පැවැති ‘Entrepreneur’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අමතමින් මේ බව සඳහන් කර ඇති අතර පෙර මෙන් නොව වර්තමානය වන විට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල් ජාලයකින් සම්බන්ධ වී දත්ත හුවමාරු කර ගන්නා බැවින් නීතියෙන් ගැලවීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු පවසයි.
නිදසුනක් ලෙස නිවසක් හෝ ඉඩමක් විකිණීමේදී ඊට අදාළ ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) ගෙවිය යුතු අතර, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දත්ත සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බැවින් එම බදු ගෙවා ඇත්දැයි ක්ෂණිකව පරීක්ෂා කිරීමේ හැකියාව පවතියි.
තවද, ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී අදාළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අය කර ගැනීමේ වගකීම බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති බව ද ඔහු සඳහන් කර ඇත ඩිජිටල් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සෑම මූල්‍ය ගනුදෙනුවක්ම ඩිජිටල් දත්ත ගබඩාවල ස්ථිර ඉලෙක්ට්‍රොනික වාර්තා ලෙස සටහන් වන බවයි.
පියා විභාග දෙපාර්තුමේන්තුවේ - පුතා විභාගයෙන් ප්‍රථම ස්ථානය - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හෙළිකළ මන්ත්‍රී රෝහිණි
බැංකු පද්ධති තුළ ක්‍රියාත්මක වන 'ඔබේ ගනුදෙනුකරු හඳුනාගන්න' (KYC) නීති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ මෙවලම් හරහා පුද්ගල අනන්‍යතාව, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), තැන්පතු මුදල් සහ පොලී ආදායම් පිළිබඳ සියලු තොරතුරු සටහන් වනවා. මීට අමතරව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ පළාත් පාලන ආයතන සතුව ද ඩිජිටල් දත්ත පද්ධති සහ ඉලෙක්ට්‍රොනික භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පවතින බැවින් ඉඩම් ගනුදෙනුවලට අදාළ ඔප්පු, බදු ප්‍රකාශ සහ බැංකු ගෙවීම් පිළිබඳ පැහැදිලි ඩිජිටල් සලකුණක් ඉතිරි වනු ඇත.
දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්
නව නීති යටතේ බදු පැහැර හරින්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ සිරදඬුවම් පවා නියම කිරීමට ප්‍රතිපාදන ඇති බැවින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි සුජීව රාජපක්ෂ එම සමුළුවට එක්ව සිටි ව්‍යවසායකයින්ට අවධාරණය කළේය. ව්‍යාපාරිකයින් ලෙස නීත්‍යානුකූලව කටයුතු කරමින් පිරිසිදු වාර්තාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත්, 'බදු පැහැර හරින්නෙකු' ලෙස හංවඩු ගැසීම ව්‍යාපාරික කීර්ති නාමයට දැඩි හානියක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.