පාසල් පැවැත්වෙන ආකාරයේ වෙනසක්...

By Sithumi Aug 06, 2022 01:32 PM GMT
Sithumi

Sithumi

Report

අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාසල් නොපැවැත්වෙන අතර සිකුරාදා දින සිසුන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි.

කෙසේ වෙතත් ප්‍රවාහන පහසුකම් බලනොපාන පාසල් සිකුරාදා දින විවෘත කිරීමටද අවශ්‍යනම් හැකියාව පවතිනවා. මෙම ක්‍රමවේදය වලංගු වන්නේ අගෝස්තු 08 සිට අගෝස්තු 12වනදා දක්වා පමණයි.