රුපියල ගැන සුබ ආරංචියක්..හදිසියේම සිදුවූ දේ මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Jun 16, 2022 06:40 AM GMT
Aruna

Aruna

Report

රටේ විනිමය අනුපාතිකය(උදා:ඩොලරය) මේ මේ වන විට ස්ථාවරවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

විනිමය අනුපාතිකයේ අස්ථාවරභාවය සීමා කිරීමේ අරමුණින් 2022 වසරේ මැයි 13 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් නව රෙගුලාසි හේතුවෙන් මෙලෙස ඩොලරය ස්ථාවරවී ඇතැයි පැවසේ.

2022 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, 2022 වසරේ මැයි 13 සිට මේ දක්වා, ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු අධිප්‍රමාණ වීමක් වාර්තා කර ඇති අතර, 2022 වසර තුළ මේ දක්වා එය ඩොලරයට සාපේක්ෂව 44.3%ක අවප්‍රමාණ වීමක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් 2022 වසරේ ජූනි 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඕස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now