ඊයෙටත් වඩා පල්ලට වැටුණු රුපියල - ලංකාවේ බැංකුවල ඩොලර් රජ වෙයි - ගැනුම් විකුණුම් අනුපාත මෙන්න
ඊයේ දිනට සාපේක්ෂව අද (25) දින ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇත.
එසේම විකුණුම් අනුපාතය රුපියල් 341 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
මේ අතර සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.75 සහ රුපියල් 341.00 ලෙස නොවෙනස්ව තිබෙනවා.
එසේම NDB බැංකුවේ, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.90 සිට රුපියල් 332.50 දක්වා ඉහළ ගොස් ඇත. එහි විකුණුම් අනුපාතය රුපියල් 339.90 සිට රුපියල් 341.50 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 329.21 සිට රුපියල් 331.42 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 339.57 සිට රුපියල් 341.85 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කොමර්ෂල් බැංකුව වාර්තා කරන ආකාරයට, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය සහ විකුණුම් අනුපාතය පිළිවෙලින් රුපියල් 329.06 සිට රුපියල් 331.04 දක්වා සහ රුපියල් 339.00 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 332.00 සිට රු. 332.75 දක්වා සහ රු. 341.00 සිට රු. 341.74 දක්වා ඉහළ ගොස් ඇත.