වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තවත් අවදානමක් ගැන අනාවරණයක්

Report

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි, කැලණි, වලවේ, කළු සහ නිල්වලා ඇතුළු දිවයිනේ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවන බැවින් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

විශේෂයෙන්ම නිල්වලා ගඟේ සල්ගහගොඩ ජල මාපකයේ සටහන් වන මට්ටම අනුව මුහුදු ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් පහළ ගියහොත් මෝය හරහා ලවණ ජලය ගලා ඒම වැළැක්වීම සඳහා අඹතලේ ජල පොම්පාගාරය ආශ්‍රිතව ලවණ බාධකයක් ඉදිකිරීමට සිදුවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඉදිරි දිනවලදී වර්ෂාපතනය තවදුරටත් අඩුවිය හැකි අතර, තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ක පමණ වැසි වාර්තා වුවද එය අඛණ්ඩව පවතින්නේ නැත.

ගංගාවල ජල මට්ටම් පහළ බැස තිබුණද, මහවැලි සහ අනෙකුත් වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 80 ඉක්මවූ මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා

මේ හේතුවෙන් විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය දැනට බාධාවකින් තොරව සපයනු ලබයි. කෙසේ වෙතත්, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසයේ මැද භාගය දක්වා පවතිනු ඇති බවත්, එය සමනය වන්නේ නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.