ඉන්ධන බවුසරයකට පිරවුම්හලකින් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනාවක්
ගැලනිගම ප්‍රදේශයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන නොමැතිව ඉන්ධන බවුසරයක් නතර වූ අවස්ථාවේ එයට අවශ්‍ය ඉන්ධන පිරවුම්හලිකින් ලබා ගැනීමට ගිය විට ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වුව ද ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු හා පොම්පකරු කියා සිටින්නේ කිසිවෙකු එවැනි ඉල්ලීමක් සිදුකරමින් ඉන්ධන ලබා ගැනීමට නොපැමිණි බවයි.
කළුතර සිට කොලොන්නාව ඉන්ධන පර්යන්තය කරා ධාවනය කෙරෙමින් පැවති බවුසර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතර ප්‍රදේශයේ ඉන්ධන නොමැතිව නතර වී තිබුණි.
මෙය ලීටර 33,000ක ඉන්ධන බවුසරයකි ඉන්පසුව එම රියදුරු මතුගම බෝම්බුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ඉල්ලා සිටිය ද එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
නමුත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු මෙන්ම පොම්පකරු තමන්ට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරයි.