මැදපෙරදිගම මරණ බියෙන් සලිත කළ යුද ගිනි ඇවිලී අදට මාසයක් සපිරෙයි - වෙච්ච විනාශය ගණන් කළ නොහැකි තරම්
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ වී ඇත.
ඒ අනුව ප්‍රහාර හේතුවෙන් ගතවූ කාලසීමාව තුළ වැඩිම මරණ, තුවාල හා දේපොළ හානි ඉරානයෙන් වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ (27) දිනය වනවිට ඉරානයෙන් මරණ 1,937ක් වාර්තා වී තිබෙන අතර, තුවාල ලැබූ ගණනද 24,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර ඉරාන ප්‍රහාර හේතුවෙන් අමෙරිකාවේ සෙබළුන්ද 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.
එසේම ඉරානය විසින් ඊශ්‍රායලට එල්ලකළ ප්‍රහාරවලින් 19 දෙනෙකු මියගොස් 5,492 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දැවැන්ත න්‍යෂ්ටික ව්‍යසනයකට පාර කපයි - ලොවම සලිත කරමින් ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක්
එහිදී ඉරානය විසින් සිය ඍජු සතුරටන්ට අමතරව මැදපෙරදිග කලාපීය රටවල් 11කට ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ. අඳාළ ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 11 දෙනෙක් ජීවිතක්ෂය පත්ව 169ක් තුවාල ලබා ඇත.
එමෙන්ම ඕමානයේද 3ක් මියගොස් 15ක් තුවාල ලබා ඇති අතර, බහරේනයේද තිදෙනෙකු මියගොස් තිබෙනවා.
එසේම ඉරාන ප්‍රහාරවලට ලක්වූ කුවෙට් දේශයෙන්ද මරණ 6ක් වාර්තා වේ. සෞදි අරාබියේද 20ක් තුවාල ලබා මරණ 2ක් සිදුව ඇත.
මේ අතර සිරියාවේ මෙන්ම පලස්තීනයේද මරණ 4 බැගින් වාර්තා වී ඇත.
එසේම ඉරානය කටාර් රාජ්‍යයට එල්ලකළ ප්‍රහාරවලින් 16ක්ද, ජෝර්දානයේට එල්ලකළ ප්‍රහාරවලින් 28ක්ද තුවාල ලබා ඇති බව සඳහන්.
එසේම ඉරාකය ඉරාන ප්‍රහර මෙන්ම ඊශ්‍රායල හා අමෙරිකානු ද්විත්ව ප්‍රහාරවලට ලක්ව ඇත. එනිසා ඉරානයේ අසල්වැසියන් වන ඉරාකයේ සිදුව ඇති මරණ ගණනද සියයට (96) ආසන්න වී ඇති බව වාර්තා වේ.
තවද ඉරාකයේ ඉරාන මෙන්ම අමෙරිකානු හිතවාදී සිටීම දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර එල්ලවීමට හේතුවී ඇත.
එසේම ඉරානයට එරෙහි යුද්ධය ක්‍රියාත්මක වද්දි ඊශ්‍රායලය අසල්වැසි ලෙබනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ද යුද්ධයක පැටලී ඇත. එනිසා ලෙබනනයේ 1,116කට දිවි අහිමි වී ඇති අතර, ඔවුන්ගේද 3,229ක් තුවාල ලබා ඇති බව සඳහන්.