එක උණු වතුර කෝප්පෙකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දන්නවා නම් හැමෝම උණු වතුරම බොයි

Report

ජලය, එහෙම නැත්තම් වතුර කියන්නේ ඉතින් මිනිස් සිරුරට අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි කවුරුත් දන්නවානේ. හැබැයි වතුර ශරීරයට අවශ්‍යයි වගේම වතුරෙහි උෂ්ණත්වය තීරණය කිරීමත් අවශ්‍යම කාරණයක්.

ඒ වගේම තමයි බොහෝ පරීක්ෂකවරුන් අතර පවතින ලොකු ගැටළුවක් තමයි ශරීරයට හිතකර උණු ජලයද සිසිල් ජලයද කියන කාරණය.

කොහොම වුණත් ලැබී තිබෙන ප්‍රතිඵලවලට අනුව උදෑසන හිස්බඩ උණු ජලය පානය කිරීමෙන් සිසිල් ජලය පානය කරනවට වඩා විශ්මිත ප්‍රතිලාභ ලැබෙනවා කියලා නම් ඔන්න හොයා ගෙන තියෙනවා.

එක උණු වතුර කෝප්පෙකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දන්නවා නම් හැමෝම උණු වතුරම බොයි | Benefits Of Drinking Warm Water Daily

ඒ අතර,

වේදනාවට සහනය ලබාදෙයි

උණු වතුර එක කෝප්පයක් මඟින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙයි.

උණු වතුර මඟින් ශරීරයේ අන්තර්ගත මාංශ පේශීන් සැහැල්ලු කර මානසික ආතතිය නැතිකර මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.

රුධිර සංසරණය වර්ධනය කරයි උදෑසන උණු වතුර කෝප්පයක් පානය කිරීම මඟින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.

වයස්ගත් පෙනුම නැතිකර තරුණ පෙනුමක් ලබාදෙයි අකලට වයස්ගත පෙනුමක් ලබාදෙනුයේ ශරීරයේ අන්තර්ගත මුක්තඛන්ඩ සහ විස ද්‍රව්‍ය මඟින් සෛලවලට හානි පැමිණවීම නිසාවෙනි.

උණු වතුර පානය කිරීම මඟින් ශරීරයේ අන්තර්ගත විස ඉවත් කර මේදය කැටි වීම වළකාලමින් නිරෝගී ශරීරයක් ලබාදෙයි.

උණු වතුර මඟින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.

ශරීරයේ බර සමබර කරයි සිසිල් ජලය මඟින් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කර හදවතේ වේගය අඩු කරන අතරම උණු ජලය මඟින් හදවතේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ශරීර ශක්තිය වර්ධනය කරන අතරම මේදය දහනය කිරීම සිදු කරන නිසාවෙන් ශරීරයේ බරද අඩු කරගැනීමට උපකාරී වේ.

ඒ වගේම උණු වතුර පානය කිරීමේ තවත් ප්‍රතිලාභයක් විදිහට වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම වගේම ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමත් දක්වන්න පුළුවන්.

රෑට නියපොතු කපනවද? අදෘශ්‍යමාන අනතුරක්

රෑට නියපොතු කපනවද? අදෘශ්‍යමාන අනතුරක්

ඉතින් සීතල වතුර බොන්න වැඩි කැමැත්තක් දක්වන්න ගොඩක් අය උණු වතුර දිහා බලන්නේවත් නැත්තේ මේ ප්‍රතිලාභ ගැන හරි අවබෝධයක් නැති නිසයි.

ඒ නිසා අද ඉඳන්වත් වතුර බොද්දි උණු වතුරත් බොන්න අමතක කරන්න එපා.

Gallery