ශ්‍රී ලංකාවේ ගලකින් යෝධ රයිනෝසිරයෙක් මතු වෙයි...

Sri Lanka Rathugala kanda Rinosaurs
By Aruna Dec 21, 2021 01:05 AM GMT
Aruna

Aruna

Report

රයිනෝසිරස් අද ශ්‍රීලංකාවෙ දක්නට නොමැති සත්වයෙකි.

මඩොල්සිම කඳු වැටියට යාබදව පස්සර අඩාවත්ත ප්‍රදේශයෙන් පුරාණ කාලයට අයිති පොසිලයක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2005 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද පුරාතණ ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත්කර ඇත.

එහි මෙසේද සඳහන් කර තිබේ. තනි අඟක් දරන වඳවී ගිය රයිනෝසිරස් හෙවත් කඟවේන විශේෂයකි.

ඉහළ හනුවේ චාර්වක දත් උසින් අඩුවන අතර (anteerochct) නම් නෙරීම නොදරයි.

ලුණුගල අඩාවත්ත ප්‍රදේශයෙන් හමුවූ උසින් අඩු දත් බොහෝ දුරට අද ජීවත් වන ජාවානු කඟවේනාට සමාන වේ.

කෙසේ වෙතත් (R sondaicus) ගේ පාෂාණිභූත කොටස් (R sondaicus) ට සෑම අතින්ම සමානවේ.

ලුණුගල අඩාවත්ත කඟවේනා දත් තාප උද්වීප්තතා (thermoluminescence) ක්‍රමයට කාලනීර්ණ කළ අතර එය අදින් වසර 80000 – 20000ක් පැරැණි බව අනාවරණය විය.

S’Deraniyagala 2004 ජාවානු කඟවේනා වර්ෂා වනාන්තර වාසියෙකි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජීවත්ව වඳවීගිය (R Sinhaleyus) කඟවේනාද වර්ෂා වනාන්තර වාසියෙක් බව ප්‍රකාශ කළ හැක.

එබැවින් ආදිකාලයේදි මෙම පලාත්වල රයිනෝසිරස් වැනි දැවැන්තයන්ට ගැළපෙන ආහාර, දේශගුණික වැනි පරිසර පද්ධතියක් තිබෙන්ට ඇතැයි උපකල්පනය කළ හැකිය.

මඩොල්සිම කඳුවැටියේ හේවාඑළිය නමැති ස්ථානයට පතිත වන අහසින් වැටෙන දිය බිඳු දෙකට කැඩී කොටසක් මහවැලි ගංගාවටත් කොටසක් ගල්ඔයටත් වැටෙන පිහිටිමක් දක්නට තිබේ.

ඒ ආසන්නයේ ඩී.ඇස්. සේනානායකයන්ගේ උඩු කයට සමාන හැඩ රුවැති, ශ්‍රී පාදස්ථානය දෙසට මුහුණ යොමුවී ඇති විශාල ගල්පර්වතයකි.

මෙම කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 4300ක් පමණ උසකින් යුක්තය. ගල්ඔය ගංගාව ආරම්භ වන්නේ මෙම ස්ථානයෙනි.

මෙසේ දිය බිඳු එකතු වී නිර්මාණය වන දිය උල්පත කඳුවැටියේ දොරබොද කන්දේ ඇලිය දිගේ නැඟෙනහිර දිසාව බලා ගමන් ගනී.

ගල් දෙබොක්කා අතරින් ගලන ගංගාව බිබිල කොටගම සමීපයේදී තැනිතලාවට වැටේ. ඉන්පසු වටරවුම් මාර්ගයක් ඔස්සේ ගලන ගංගා තොමො පසුකරන ගම්මාන රැසකි.

මෙම ගම්මාන අතුරින් මල්හෑව ගම්මානය විශේෂ ස්ථානයක් ගනී. මෙම ප්‍රදේශයේ කඳේ මල් පිපෙන රත්මල් ගස් බහුලව තිබේ. එසේම අධික ලෙස කූඩැල්ලෝ සිටිති.

සීතල දේශගුණයකින් යුක්තය. බිබිල කොටසර පියංගල විහාරස්ථානය අසලින් ගමන් කොට බිබිල පස්සර මාර්ගයේ පාලමක් යටින් ගලන ගල්ඔය ගඟ ඉන්පසු පුරාණ ගම්මාන රාශියක් පසුකරමින් මකරෙට ඇදීයයි.

ඊට පෙර අතු ගංගා රාශියක් ගල්ඔයට සම්බන්ධ වෙයි. අවසානයේදී මෙම ජල ධාරාවන් සියල්ල ඩී.ඇස්. සේනානායක සමුද්‍රයට එකතු වෙයි.

මකරෙ සිට රතුගලට යන්නෙකුට රතුගල ආදිවාසී නායක සුදා වන්නියලැ ඇත්තෝ හදි ගැසිය හැකිය.

රතුගල සිට නාමල්ඔය දෙසට එන විට රතුගල මායිම්වී ඇති උස් කඳුවැටිය අප්‍රිකානු රයිනෝසිරසයෙක් මෙන් පෙනෙන අතර ස්වභාව ධර්මයා විසින් රයිනෝගේ අං දෙක සහ ඇස් නිර්මාණය කර ඇති අන්දම පැහැදිලිව දැකිය හැකිය.

එසේම රතුගල අවට ඇති කඳුවැටි සියල්ලකගේම පාහේ රයිනෝ වැනි සත්වයන්ගේ හැඩ රුව දකින්නට ඇති නිසා ආදී හෙළයන් මෙම ප්‍රදේශය සත්තුගල යැයි හැඳින්වූවා විය නොහැකිද?

පසුකාලීනව සත්තුගල, සත්තුගල, රතුගල වූවා විය හැකිය. රතුගල සිට නාමල්ඔය දෙසට එන විට හමුවන පායිලේ ගම් පියසේ දකුණු දෙසින් හමුවන තවත් කඳුවැටියකි.

එය කුලල්කන්ද නම් වෙයි.

රැග් විජයසිරි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now