ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් - සාමාන්‍යාධිකාරිවරයාටත් චෝදනා

Report

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවත් රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර ඇත.

ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ දිට්වා නිසා හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීමට රජය මැදිහත්වී නව ද්විත්ව පාලමක් සකස් කිරීමට ප්‍රථමයෙන් යෝජනා වුවද අනතුරුව පැරණි පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් සකස් කර තිබු බවයි.

එමෙන්ම රජය මඟින් 2026 අප්‍රේල් මාසයේදී මහනුවර බලා දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ කර ඇත.

එහෙත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) මඟින් රජයේ මැදිහත්වීම මත ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්බන්ධ වුවත් ඔවුන් විසින් සිදුකරන ලද කටයුතු මේ දක්වා සිදු කෙරුණ ද, එම කටයුතු දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව මඟින් අවශ්‍ය පරිසාධන මට්ටමේ නොමැති බවට මත පළකිරීම නිසා පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවයි.

මෙන්න මේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්, අප්‍රේල් වල විට දුම්රිය යළි ධාවනයට

මෙන්න මේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්, අප්‍රේල් වල විට දුම්රිය යළි ධාවනයට

එබැවින් මෙම පාලමේ ඉදිරි කටයුතු පිළිබඳව නැවත වාර්තාවක් කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර ඇති බව සඳහන්.

තවද එම සංගමය සිය නිවේදනයෙන් වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපය මෙම ගැටලු ඇති වීමට හේතු වී ඇති බව දන්වා ඇත.

ඔවුන් චෝදනා කරන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කර තිබීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව ඇති බවටයි.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීමට ඉතා සරළ තර්කයක් මත පදනම්ව දුම්රිය ධාවනය අඩුකිරීමෙන් වියදම් අවම කර ගැනීමට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් කටයුතු කරමින් සිටින බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටියි.

එමෙන්ම සංගමය පෙන්වා දෙන්නේ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදහස් ලබා දීමේ හැකියාවක් නොමැති වීම සහ සෙසු නිලධාරීන්ගේ අදහස් ශ්‍රවණය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු නොකිරීම නිසා වත්මන් රජය අපකීර්තියට ලක්වෙනවා සේම දුම්රිය භාවිතා කරනු ලබන දුම්රිය මගීන් ද දැඩි සේ පිඩාවට පත්වී ඇති බවයි.

රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු නිවේදනයක් - හේතුව මෙන්න

රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු නිවේදනයක් - හේතුව මෙන්න

එනිසා දිට්වා හේතුවෙන් දිසු වූ මාර්ග නැවත ප්‍රතිසංස්කරණ කිරීමටත් මෙම ගැටලුකාරි තත්ත්වය ප්‍රධාන ලෙස බලපා ඇති බව ඔවුන් සඳහන් කරයි.

එබැවින් දුම්රිය සේවය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට විශ්‍රාම ගෙන ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ සේවය කළ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන මෙන් එම සංගමය අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බව අඳාළ නිවේදනයෙන් දන්වයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් - සාමාන්‍යාධිකාරිවරයාටත් චෝදනා | Sri Lanka Railway Union Slams Chief Officer

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් - සාමාන්‍යාධිකාරිවරයාටත් චෝදනා | Sri Lanka Railway Union Slams Chief Officer

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්