හිටපු පා.මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක් - තුවාල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කලහකාරී අන්දමින් හැසිරීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් තිබෙනවා.
ලාල්ගේ ඔක්කොම දේපළ නීත්‍යානුකූලව උපයපුවා.. නඩු දැම්මොත් පෙනී ඉන්නවා - මහජන ආරක්ෂක නි. ඇමැතිගෙන් ලාල්ට ආරක්ෂාවක්
එම අවස්ථාවේදී එක් පුද්ගලයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇති බව සඳහන්.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පවසයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.