පාර්ලිමේන්තුවේ නීති විරෝධී හා සදාචාර විරෝධී වැඩ උඩු දුවයි - හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

Report

පාර්ලිමේන්තුවේ සිදුවී ඇති බව කියන නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා විවිධ අඩන්තේට්ටම් සහ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින් එම ආයතනවලට වෙන වෙනම ලිපි යොමු කරමින් මෙසේ පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නීති විරෝධී සහ සදාචාර විරෝධී ආකාරයට අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ නීති විරෝධී සහ ද්වේෂ සහගත ලෙස තහනම් කිරීම, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුවී ඇති බවට හිටපු මහාධිකරණ විනිශ්චකාරවරියක පැවැත්වූ විමර්ශනයේ වාර්තාව පැහැදිලිව පෙන්වාදී තිබියදී එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර පැහැර හැරීම සහ වෙනස් කොට සැලකීම හේතුවෙන් නිලධාරිනියක පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්වීම යනාදී කරුණු හතරක් අඳාළ ලිපියෙන් එම සංවිධානවල අවධානයට යොමු කර ඇති බව සඳහන්.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරත් ධූරයෙන් ඉවත් කරන්න - කුමාරට වගේම අරුණටත් විරෝධයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරත් ධූරයෙන් ඉවත් කරන්න - කුමාරට වගේම අරුණටත් විරෝධයක්

එමෙන්ම නිසි නීතිමය බලයක් නොමැතිව පවත්වන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ, ක්‍රියාදාමයකින් අනතුරුව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පෙන්වා දෙන මෙම ලිපිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, පරිපාලන සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනත්වය බරපතළ ආකාරයට අඩපණ කරන වර්ධනයක් මතුව ඇති බවද පවසයි.

ඊට අමතරව එම ලිපියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව හරහා එවැනි විනය බලතල ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එම ක්‍රියාව අතිශයින්ම චර්යා ධර්මවලට පටහැනි ක්‍රියාවක් බවත් පෙන්වා දෙයි.

හෙට වෙනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගෙන් විශේෂ ඉල්ලීමක්

හෙට වෙනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගෙන් විශේෂ ඉල්ලීමක්

තවද මෙම සිදුවීම් මඟින් පෙන්නුම් කරන්නේ පරිපාලනමය ක්‍රියාදාමයේ කැළඹිලි සහගත රටාව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ආරක්ෂිත, ස්වාධීන සහ වෘත්තීය වැඩ පරිසරයක් සහතික කිරීමට අපොහොසත් වීම බව ද සංගමය දැනුම්දී තිබෙනවා.

අඳාළ සිද්ධීන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මෙන්ම යහපාලනය ඇති කිරීමට නොපමාව මැදිහත් වන මෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එම සංවිධානවලින් වැඩිදුරටත් ඉල්ලා සිටින බව සඳහන්.

රු. කෝටි 900කට වැඩි මුදල් රඳවාගෙන - ගල්අඟුරු ගනුදෙනුවේ විශාල හැරීමක්!

රු. කෝටි 900කට වැඩි මුදල් රඳවාගෙන - ගල්අඟුරු ගනුදෙනුවේ විශාල හැරීමක්!