අවුරුදු මාසේ මුල් දින 15 ලංකාවට සුබෙන් සුබයි - ලක්ෂ අටකට වඩා ලංකාව හොයන් ඇවිත්
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ අටේ සීමාව ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලසීමාව තුළ සංචාරකයින් 809,595 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
එසේම මේ මාසයේ මුල් දින 15 තුළදී පමණක් මෙරටට සංචාරකයින් 68,961 ක් පැමිණ තිබුණු බව වාර්තා වේ.
ඒ අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් එනම් 19,822 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.