අම්බානි පරදවා අදානි ඉදිරියට - ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත.
ඒ අනුව වසර ගණනාවක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිලියනපති මුකේෂ් අම්බානි මේ වනවිට දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙන බව වාර්තා වෙයි .
බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව අදානිගේ ශූද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළගොස් ඇත.
එම දර්ශකයේ සදහන් වන්නේ අම්බානිගේ වත්මන් ශූද්ධ වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 90.8ක් බවයි.
ඒ වගේම මෙම දෙදෙනාම ලොව ධනවත්ම පුද්ගලයින් 20 දෙනා අතර සිටියි. ඒ අනුව අදානිට ලොව 19වන ස්ථානයත්, අම්බානිට 20වන ස්ථානයත් හිමිව තිබේ.
ලොව ධනවත්ම පුද්ගලයන් අතර පළමු 8 දෙනාම අමෙරිකානුවන් වන අතර, එලොන් මස්ක් තවමත් එහි පෙරමුණේ පසුවෙයි.
ඔහු ඩොලර් බිලියන 656ක ශූද්ධ වත්කමකට හිමිකම් කියනු ලබයි .
දෙවන ස්ථානයේ ලැරී පේජ් පසුවන අතර, ඔහු ඩොලර් බිලියන 286ක හිමිකම් කියනු ලබයි.
ජෙෆ් බෙසොස්ට මෙහි තෙවන ස්ථානය හිමිව ඇත. ඔහු ඩොලර් බිලියන 269ක ශූද්ධ වත්කමකට හිමිකම් කියනු ලබයි.