පුත්තලං මුහුද රළු වෙයි - ලංකාවම අමාරුවේ දාමින් තවත් අර්බුදයක්

Report

පුත්තලම මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය නිසා නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පවතින තත්ත්වය මත සැලසුම් කළ නෞකා ප්‍රමාණය ගොඩබෑමට නොහැකි වීමෙන් ඉදිරියේදී ගල්අඟුරු හිඟයක් මෙන්ම අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට ද රජයට සිදුවනු ඇති බව සඳහන්.

ඉකුත් අප්‍රේල් 8 වැනි දින මෙරටට පැමිණි මෙම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑමට තවමත් දැඩි උත්සාහයක නිරත වීමට සිදුව ඇති අතර, එය අවසන් කිරීමට තවත් දින 8ක් පමණ ගතවනු ඇති බවට ගණන් බලා ඇති බවද වාර්තා වේ.

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

මෙසේ මුහුදේ රැඳී සිටින්නේ ගල්අඟුරු තොග රැගෙන පැමිණි HCL Chicago, Ultra Confidence සහ Yasa Mars යන නෞකා තුන බව වාර්තා වේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මස අවසන් වීමට පෙර තවත් නෞකා දෙකක්වත් ගොඩබෑමට හැකි වේද යන්න සැක සහිත මට්ටමක පවතින බව සඳහන්.

එසේම Trident Chemphar සමාගම ඔස්සේ මුලින් නෞකා 25ක් ගොඩබෑමට සැලසුම් කර තිබුණද, වාරකන් සමය ආරම්භ වීමට පෙර උපරිම ලෙස ගොඩබෑ හැක්කේ නෞකා 20ක් පමණක් බව පෙනෙන්නට ඇත.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

එම ප්‍රමාදය හේතුවෙන් නෞකා 5ක ගල්අඟුරු ප්‍රමාණයක්, එනම් මෙට්‍රික් ටොන් 300,000ක් (60,000 × 5) මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඊට අමතරව පෙර වසරේ Potencia ගිවිසුම අවලංගු වීම හේතුවෙන් ඇති වූ හිඟය පියවීමට Taranjot සමාගම ඔස්සේ ඇණවුම් කළ හදිසි ගල්අඟුරු නෞකා 5ක් ද ගොඩබෑමට නියමිතව ඇති බව සඳහන්.

එමෙන්ම නෞකා ගොඩබෑම ප්‍රමාද වීම නිසා වරාය ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම වැළැක්විය නොහැකි බවත් නිරීක්ෂණය වී ඇති බව සඳහන්.

මැයි මාසයේ ලිට්‍රෝ ගෑස් සැපයුම ගැන දැනුම්දීමක්

මැයි මාසයේ ලිට්‍රෝ ගෑස් සැපයුම ගැන දැනුම්දීමක්