මෙන්න මේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්, අප්‍රේල් වල විට දුම්රිය යළි ධාවනයට

Report

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන- කඩුගන්නාව අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතී අප්‍රේල් මාසයේදී දුම්රිය යළි ධාවනයට සුදුසු පරිදී සකස් කිරීම අරමුණ බව නිලධාරීන් සදහන් කර තිබේ.

 මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යාම් හා පස්කදු කඩා වැටී උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය.

රඹුක්කන – කඩුගන්නාව අතර කොටසේ පස්කදු කඩා වැටීම් ආදියෙන් ස්ථාන 70ක් අවහිර වී තිබුණි.

  දුම්රිය නිලධාරීන් සදහන් කරන්නේ එම අවහිරතාවලින් ඉතිරිව ඇත්තේ තවත් ස්ථාන 4ක් බවයි එහෙත් එම ස්ථාන දැඩි ලෙස අවහිර වී ඇති අතර දුම්රිය මාර්ගය මුලුමනින්ම පස් කදු හා ගල් කඩා වැටී යටවී තිබේ.

  කෙසේවෙතත් දුම්රිය සේවකයන් සදහන් කරන්නේ මෙම දුම්රිය මාර්ගය යළි පිළිසකර කර අප්‍රේල් මාසය වන විට රඹුක්කන හා කඩුගන්නාව අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බවයි .