මිහින්තලය කම්පා කරමින් තවත් අවාසනාවන්ත සිද්ධියක් - දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා මරුට
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව ඇත .
මේ අයුරින් මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙකි මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක ඇත.
මෙම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් මෙහිදී අවුරුදු 11 හා 12 වයස්වල පසුවන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැත
මෙම පුද්ගලයාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
මෙම සිද්ධිය සම්බන්ධව මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .
[