ඔබත් පොලිස්පතිගේ මේ ලිපියට රැවටුනාද? - පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක්.

Sri Lanka Police Deshabandu Tennakoon
By Wayomi Jul 02, 2024 09:42 AM GMT
Wayomi

Wayomi

Report

සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇති බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

කෙසේ වෙතත් මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.


සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කරනවා.

හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.

හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.


අදාළ ව්‍යාජ ලිපියේ පිටපතක් ජනතාවගේ දැනගැනීම පිණිස පොලීසිය විසින් නිකුත් කර ඇති අතර, එය පහතින් දැක්වේ.

Gallery