රක්ෂිතයකට ගිනි තැබූ 7 දෙනෙක් පොලිස් දැලේ

Sri Lanka Police Sri Lanka Police Investigation Hatton
By Gagana News Feb 24, 2025 08:49 AM GMT
Gagana News

Gagana News

Report

නල්ලතන්නිය සමනල ස්වභාවික රක්ෂිතයේ ඊයේ (23) පස්වරුවේ හටගත් ගින්න සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බැවින් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා ප්‍රකාශ කරයි.

නල්ලතන්නිය වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කඳු මුදුණ දක්වා සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.

ගින්න පාලනය කිරීමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුද හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බව වන අඩවි ආරක්ෂකවරයා ප්‍රකාශ කර සිටී.

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලිසිය සැක පළ කරන අතර මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.

මේ අතර, ඊයේ සවස රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ළඟා වූ පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

විමර්ශන නිලධාරින් අදාළ ස්ථානය වෙත යන අවස්ථාවේ ගම්වාසීන් විසින් රඳවාගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු මෙම ගිනි තැබීමට සැක බවට පවසමින් පොලිසිය වෙත භාර දී තිබේ.

මෙම සැකකරුවන් අලගල්ල කන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති අතර සිද්ධියට සැකපිට තරුණයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන කඩුගන්නාව, පිලිමතලාව , හන්දෙස්ස හා බලන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

පාප් වහන්සේගේ ජීවිත අවදානමට කොළ එළියක්

පාප් වහන්සේගේ ජීවිත අවදානමට කොළ එළියක්

ReeCha