පොලිස් දැලට හසු වූ අයිස්
Sri Lanka Police
Sinhala news
By Hashan
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු යතුරුපැදියක් මගින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි අතරතුර මෙලෙස පොලිස් අත්තඩංගුවට පත් වී ඇත්තේ.
වැල්ලමිපිටිය පොලිස් වසමේ කොලොන්නාව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීමක දී එම සැකකරු අත්තඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
අත්තඩංගුවට ගත් සැකකරු සීදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු අවුරුදු 36 ක පුද්ගලයෙකි.
කෙසේ වෙතත් අදාළ සිදු වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලමිපිටිය පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.
