පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි - විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Feb 01, 2023 02:08 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා.ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ(31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ.

මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්.26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව ඇත්තේ 04 දෙනෙකු පමණයි.

එසේම කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිතියේ හත් දෙනෙකුගෙන් යුත් නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පොදුජන පෙරමුණෙන් පස් දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery