ජී.එල්, ඩලස් පක්ෂයෙන් එළවයි..? පොහොට්ටුව නීති මාර්ගයට..

Dullas Alahapperuma G. L. Peiris Sri Lanka Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Sewvandhi Feb 02, 2023 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කරන්නේ, පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවති විශේෂ රැස්වීමකදී මහලේකම්වරයා එම අදහස් පළ කළේය.

ප්‍රශ්නය - ඔබතුමන්ලා හැර දා ගිය අයට ලියුම් ගිහින් කියනවා...?

"ඔවුන් සියල්ලම ඉවත් කරනවා."

ප්‍රශ්නය - ඒ කියන්නේ ජී.එල් පීරිස් මහතා, ඩලස් අලහප්පෙරුම මහතා ඔක්කෝම ද?

"සියලුදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවෙන් ගත යුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා."

ප්‍රශ්නය - එතුමන්ලාව එළවලා දානව ද ? මොකද්ද කරන්නේ ?

"අපි ඒක ඒ වේලාවට කරලම පෙන්වන්නම්."

ප්‍රශ්නය - එතුමන්ලාගේ තනතුරුවලට අලුත් අය පත්කරලා ද තියෙන්නේ මේ වනවිට ? පක්ෂයට සභාපති කෙනෙක් නෑනේ

 "එතුමා අඩුවුණා කියලා පක්ෂයට හානියක් වුණේ නෑනේ. අපි ජයග්‍රහණයට අවශ්‍ය අපේ කැම්පේන් එක කරනවා. අපි දැන් මේ වනවිට ඒ කැම්පේන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඡන්ද පෙට්ටි ගණන් කරනකොට පෙනෙයි කොහොම ද අපි ජයග්‍රහණය කළේ කියලා."

ප්‍රශ්නය - බැසිල් මහත්තයා නිහඬ පිළිවෙතක් නේ අනුගමනය කරන්නේ...

"එතුමා කවදත් නිහඬයි නේ. නමුත් එතුමා හැමදාම ප්‍රතිඵල ලබාදීලා තියෙනවා."

ප්‍රශ්නය - විපක්ෂය කියන්නේ නම් හෙලිකොප්ටරය කැරකිලා කැරකිලා මැදමුලනේ හරි නෙළුම් මාවතේ බානවා කියලා....? 

 "බාන්නේ නෑ. ඒක කොයි වෙලේ හරි කඩාගෙන වැටෙයි. නෙළුම් මාවත ට හරි මැදමුලනට හරි..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now